විදේශ ප්‍රතිපත්තියේ මධ්‍යස්ථභාවය රැක ගැනීමට ගෝඨා රජය අපොහොසත් වුනා – දයාන් ජයතිලක

දයාන් ජයතිලක

දයාන් ජයතිලක

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය නොබැඳි ප්‍රතිපත්තියෙන් ඉවත්වී සිටීම කනස්සල්ලට හේතුවක් වන අතර විදේශ ප්‍රතිපත්තියේ මධ්‍යස්ථභාවය රැක ගැනීමට ද මෑතකදී අපොහොසත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිත දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසා ඇත.

ලෝක බලවතුන් වන චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සීතල යුද්ධය තීව්‍රව පවතින අවස්ථාවක සහ කලාපීය ප්‍රමුඛ රටවල් වන ඉන්දියාව සහ චීනය අතර මතභේද පවතින අවස්ථාවක චීන ඉහළ පෙළේ දූත පිරිසක් ජනපති සහ අගමැති හමුවීම, නවදිල්ලියට සහ වොෂින්ටනයට වෙනස් මතයක් පිළිබිඹු කරන බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ඩෙබ්ලිට්ස් සහ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලූ චොං ප්‍රසිද්ධ විවාදයක නිරතව සිටිති. එසේම රජයේ ප්‍රධාන ඇමතිවරු ඉන්දු – ලංකා ගිවිසුම දැඩි ලෙස විවේචනය කරමින් ඉන්දීය විරෝධී අදහස් ඉදිරිපත් කරති. මෙවැනි අවස්ථාවක ඉහළ පෙ‍ළේ චීන දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එයට සමගාමීව ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු දූත පිරිසක් හම්බන්තොට වරායට පැමිණියහ.

බලයේ සිටින රජය විදෙස් රටවල් සමග ද්විපාර්ශවික සබඳතා නිසිලෙස පවත්වා ඇත්නම් චීන දූත පිරිසගේ පැමිණීම ඍණාත්මක ප්‍රතික්‍රියා ලැබිය හැකි තත්වයකට තල්ලු නොවනු ඇත. නමුත් නිසිලෙස විදෙස් සබඳතා පවත්වා ගැනීමක් නොමැතිවීම කනස්සල්ලට කරුණක් බව දයාන් ජයතිලක මහතා පවසයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී නොබැඳි ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව අනුගමනය නොකරන අතර සියලු පාර්ශවවල සමාන සහභාගිත්වයෙන් මධ්‍යස්ථව කටයුතු කරන බව පවසා සිටියා. මෙලෙස ලංකාවේ විදෙස් අමාත්‍යංශයේ පදනම වූ නොබැඳි ප්‍රතිපත්තිය අතහැරීම නරකම තීරණය බව ඔහු පෙන්වා දුන්නේය.

තවද මෙම විෂයයභාර රාජතාන්ත්‍රික අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා 13 වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදීත් විදේශයන්හිදීත් තම විරෝධය පල කරා පමණක් නොව ප්‍රසිද්ධියේ ඉන්දීය අගමැති මෝඩිව විවෙිචනය කළාය. එමෙන්ම රජය ඉන්දියාවට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබයි ද යන ප්‍රශ්නයක් මතු කරයි.

මෙවැනි තත්වයකට හේතුව විදෙස් ප්‍රතිපත්තිවල මධ්‍යස්ථභාවය නොමැති වීම බවත් ලෝක බලවතුන් සහ කලාපීය බලවතුන් සමග සමාන්තර හා මධ්‍යස්ථ ද්විපාර්ශවික සබඳතා පවත්වාගෙන යාමේදී රජය පසුබෑමකට ලක්ව ඇති බව ඔහු පැවසීය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *