“රටටම ඇඳිරි නීතිය දාන්න බෑ. ලෝකයෙන්ම තුරන් වෙනකම් ඉන්න වෙනවා” – වෛද්‍ය සුදත් සමරවීර

ගඳ, සුවඳ, රස දැනෙන්නේ නැත්නම් කොරෝනාදැයි සැක කළ හැකි - වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා

ගඳ, සුවඳ, රස දැනෙන්නේ නැත්නම් කොරෝනාදැයි සැක කළ හැකි - වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා

සම්පූර්ණයෙන් රටට ඇඳිරි නීතිය පැනවීමෙන් කොවිඩ්-19 රෝගයට දිගින් දිගටම මුහුණදීමට හැකියාවක් නැතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ලෝකයෙන්ම කොරෝනා වෛරසය තුරන් වනතුරු ශ්‍රී ලංකාවට කොවිඩ්-19 සමග ජීවත්වීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.

“කොවිඩ් -19 කියන්නේ, ගෝලීය වසංගතයක්. එය අද හෙට ඉවර වෙන දෙයක් නෙමෙයි. අපේ රටට විතරක් මෙය පාලනය කරලා නිදහසේ ඉන්න බැහැ. ඒක නිසා ලෝකයෙන්ම කොවිඩ්-19 වසංගතය තුරන් වෙන තාක් අපිටත් කොවිඩ්-19 සමග ජීවත්වෙන්න සිද්ධ වෙනවා. වෙන දා වගේ සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය පනවලා සමාජ ක්‍රියාකාරීත්වය නවත්වලා අපිට මේ කොවිඩ්-19 රෝගයට දිගින් දිගටම මුහුණදීමට හැකියාවක් නෑ. සාමාන්‍ය ජන ජීවිතය අපට හැකි උපරිම මට්ටමින් පවත්වාගෙන යන ගමන් කොවිඩ්-19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *