බාලචන්ද්‍රන් ගැන දැක්වූ අදහසට ෆොන්සේකා සමාව ගත යුතුයි! – කෝපයට පත් සිවාජිලිංගම්

"ළමා බලකායේ අණදෙන නිලධාරී ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් ද?" - සරත් ෆොන්සේකා මහතාගෙන් නව හෙළිදරව්වක්

"ළමා බලකායේ අණදෙන නිලධාරී ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් ද?" - සරත් ෆොන්සේකා මහතාගෙන් නව හෙළිදරව්වක්

අවසන් යුද්ධයේදී යුද අපරාධ සිදු වූ බව පිළිගත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා LTTE නායකයාගේ පුතා ළමා බළකායේ අණදෙන නිලධාරියෙකු බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාව අයැදිය යුතු බව දෙමළ ජාතික පක්ෂයේ ලේකම් සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයේ දේශපාලකයින් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පමුණුවීමට සියලු දෙමළ ජාතිකවාදී බලවේග එක්විය යුතු බවද මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේය.

යුද්ධයේ අවසාන දිනවල යුද අපරාධ සිදු කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකා රජය යුද අපරාධ සහ ජන සංහාරයන් වසන් කිරීමට උත්සාහ කරයි. එයිනුත් රාජපක්ෂවරුන් හැමෝම මෙය වසං කිරීම සඳහා පරස්පර විරෝධී බොහෝ දේ පවසමින් සිටිති.

මේ අතර, සෙල්වරාසා ගජේන්ද්‍රන් විසින් පාර්ලිමේන්තුවේදී, LTTE නායක බාලචන්ද්‍රන් හට බිස්කට් සහ ජලය ලබා දී සොල්දාදුවන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට කළ ප්‍රකාශයට, එවකට යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් දැන් පවසා ඇති ප්‍රකාශයන් මගින් දෙමළ ජනතාව කම්පනයට හා කෝපයට පත් කර තිබේ.

වයස 12ක් නොපිරුණු ළමයා දෙස බලා ඔහු ළමා බලකායේ අණදෙන නිලධාරීවරයා ලෙස පවසා ඇත. සාමාන්‍යයෙන් ළමුන් ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්ටය. එයද නොදන්න කෙනෙකු එවකට ෆීල්ඩ් මාෂල් වී ඇත.

ම්ලේච්ඡ අන්තවාදී පාලකයන්හට සහාය දුන් අයවලුන් ඔවුන්ට එරෙහි යුද අපරාධ ජන සංහාරය තීව්‍ර නොකරන බවත්, යහපාලනය යැයි පවසමින් අඛණ්ඩව ජනාධිපතිවරණ තුනකින් දෙමළ ජනතාව නොමඟ යවා ඇත්තේ දෙමළ නායකයින් බවත්, අපගේ ජනතාව දැන් තේරුම් ගෙන සිටිති. එමෙන්ම අපගේ ජනතාව මෙය තවත් තේරුම් ගනු ලබනුයේ වර්තමාන පාලකයන්ගේ ක්‍රියා සහ අදහස් තුළින් ය. 12 හැවිරිදි පිරිමි ළමයෙකු ළමා බළකායේ අණදෙන නිලධාරි නම්, ඔබ පවසන්නේ ළමා බලකායේ වයස තුනක්, පහක් තරම් කුඩා පිරිමි ළමයින් සිටින බවද?

එපමනක් නොව, ෂෙල් වෙඩි ප්‍රහාර හා ගුවන් ප්‍රහාර වලදී ඝාතනය කරනු ලැබූ ගැභිණි මව්වරුන්ගේ ගර්භාෂවල සිටි දරුවන් ළමා සොල්දාදුවන් යැයි ද ඔබ කියන්නේ? එවැනි කතාන්දර කියන පුද්ගලයන්ට නිසි පාඩමක් ඉගැන්වීමට කාලය පැමිණ තිබේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධ බහුතරවාදීන්ට.

එබැවින් දෙමළ ජාතිකවාදයට ආදරය කරන සියලු බලවේග එක්වී ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කර එම ඉල්ලීම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර එමගින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

ඒ අතරම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකාව පාලනය කළ යුතු බවත් ඔහුගේ අදහස්වලට සමාව ගත යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

-IBC තමිළ්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *