මෛත්‍රී-ගෝඨාභය ඝාතන තැත හෙළි කළ නාමල් කුමාර කුලියට ගත් පුද්ගලයෙක්

මෛත්‍රී-ගෝඨාභය ඝාතන තැත හෙළි කළ නාමල් කුමාර

මෛත්‍රී-ගෝඨාභය ඝාතන තැත හෙළි කළ නාමල් කුමාර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන තැත හෙළි කළ නාමල් කුමාර යන පුද්ගලයා ජනාධිපති ලේකම් කාර්යාලය කුලියට ගත් පුද්ගලයෙක් බවත් ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගත් අයකු බවත් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඊයේ (9) පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය

ජනාධිපති ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය කාර්ය සාධක බළකායේ නාමල් කුමාර දේශන පවත්වා ඇති බවත් ඔහු වවුචර් පත් මඟින් මුදල් ගත් බවත් එහි අධ්‍යක්ෂ දොස්තර සමන්ත කිතලගම මහතා පැවැසූ බවත් හිටපු පොලිස්පතිවරයා කියා සිටියේය.

සුවිශේෂී වරප්‍රසාද සහතිව රටේ අර්බුද නිර්මාණය කළ නාමල් කුමාර වැනි අයවලුන් සේම වරප්‍රසාද සහිතව ආණ්ඩුකාරකම් කරමින් ජනාධිපති උපදේශකයන් ලෙස කටයුතු කළ අය සම්බන්ධයෙන් ද තමන් කොමිසම හමුවේ අනාවරණය කිරීමට සූදානම් බවද ඒ මහතා කියා සිටියේය.

නාමල් කුමාර මහනුවර සිද්ධියේ දී තොරතුරු කරුවෙක් ලෙස සම්බන්ධ වු බවත් ඔහුට රුපියල් ලක්ෂ පහක පොලිස් අරමුදලෙන් ත්‍යාග මුදලක් ලබා දුන් බවත් කියා සිටි පූජිත ජයසුන්දර මහතා නාමල් කුමාර ගේ සම්බන්ධය පිටුපස සිටින අය ගැන මෙන්ම දෙහිවල ට්‍රෙපිකල් ඉන් හෝටලයේ බෝම්බය පුපුරවා ගත් ජමීල් පුපුරවා ගැනීමට පෙර හමු වූ බුද්ධි නිලධාරියා ගැන ද සොයා බලන මෙන්ද ඒ මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.

තමා අප්‍රේල් 14 අලුත් අවුරුදු දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසින් වතුර වීදුරුවක්වත් නොබිව් බවත් ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධව සිටි අධ්‍යක්ෂ රොහාන් සිල්වා මහතා සමඟ ගොස් බුලත් දී මිනිත්තු 10න් පමණ පිට වූ බවත් කියා සිටි හිටපු පොලිස්පති වරයා තමාගේ බිරිය බුලත් දීමට යෑම ප්‍රතික්ෂේප කළ නිසා ඇය එහි නොගිය බවත් කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා බොරු කියනවා කියල ද ඔබ කියන්නේ යැයි කොමිසම සිදු කළ විමසීමට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පති වරයා කියා සිටියේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුරුද්දක් හැටියට බොරු කියන බවය. හිටපු ජනාධිපතිවරයා මටම බොරු කියලා තිබෙනවා. හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මාරු කරන්න කියලා මටම කියලා විදේශ ගත වී පැමිණෙන අවස්ථාවේදී කවුද මාරු කරන්න කිවිවේ කියලා ඇහුවම.

ආරක්ෂක මණ්ඩලයේ කිවිවේ හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාත් මට කිව්වා. එහෙම කියලා මගෙන් අහනවා සජිත් ප්‍රේමදාස මහින්ද අමරවීර මට කතා කරනවා. මොන කෙහෙල්මලක්ද කියලා. මම ලේකම්ට කතා කරලා බල ගන්නම්කො කියලා කිව්වා. පොලිස් අවුරුදු උත්සවය දවසේත් එවැනිම සිද්ධියක් සිදු වුණා. මම විදේශ ගත වන විට ගුවන්යානයට නැග්ගා කියලා සාක්ෂි දෙමින් කොමිසම හමුවේ කිව්වා. ජනාධිපතිතුමා රට යනවිට මම රාජකාරි මට්ටමෙන් සහභාගී වුණා. මම රටේ පොලිස්පති. එතුමා රටේ පළමු පුරවැසියා. යටත් නිලධාරියෙක් විදියට ඒ ගමන ගියා. ගුවන් යානය තුළට ගියේ නෑ ආචාර කපා. මා කෙරෙහි එතුමන්ගේ තිබූ ප්‍රතිචාරය සහ මා දෙස බලන විදිහ මම දන්නවා. තරහකාරයෙක් දෙස බලන විදිහට අප්පිරියාවෙන් මා දෙස හැම අවස්ථාවකදීම බැලුවේ. ඇයි මොකද එහෙමයි ඇහුවේ. ප්‍රහාරය ගැන තොරතුරු කියනවා තියා රාජකාරි වැඩවලදීත් හරිම අඩුවෙන් ආරක්ෂක ලේකම් ජනාධිපති ලේකම් හරහා තමයි හමු වුණේ යැයිද ඒ මහතා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *