20 සම්මත වුනොත් එල්ටීටීඊයත් පාර්ලිමෙන්තු යයි – නීතීඥ තාරක නානායක්කාර

0
නීතීඥ තාරක නානායක්කාර

නීතීඥ තාරක නානායක්කාර

20 වන සංශෝධනයේ සඳහන්ව ඇති ද්විත්ව පුරවැසිභාවය අයිතිය භාවිතා කරගනිමින් බැසිල් රාජපක්ෂ පමණක් නොව, ස්විට්සර්ලන්තයේ සිටින ලාංකීය ප්‍රජා අයිතිය ඇති ඩයස්පෝරාව පවා පාර්ලිමේන්තුවට යෑමේ අවධානමක් තිබෙන බව සමගි ජන බලවේගයේ හබරාදුව සංවිධායක නීතිඥ තාරක නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අඩුකළ විධායක බලය 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවත ගෙන ඒමට නියමිතයි. මෙය ව්‍යවස්ථාදායක සභාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක්. තනි කෙනෙකුගේ අතට මුළු රටම භාර කරන ඒකාධිකාරයට ඉඩ දෙන්න බැහැ.

ද්විත්ව පුරවැසිභාවය ඇත්තවුන් පාර්ලිමේන්තු යා හැකි බව 20 වන සංශෝධනයේ ඇතුළත් වේ. මෙමගින් රටේ ස්වෛරීත්වයට හානිකරයි. කෙසේ වෙතත් රජයට තුනෙන් දෙකක බලයක් තිබුණද 20 සම්මත කර ගැනීමට හැකිවේද? යන සැකය මතුවී ඇත. චන්දිම වීරක්කොඩි වැනි පුද්ගලයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිහඩ බව යනාදිය රජයේ භීතිය වැඩිකිරීමට හේතු වී ඇත. එබැවින් රිෂාඩ් බදියුද්දීන් වැනි අය මත රජය බැල්ම හෙළන බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com