බෝම්බ පිපිරීමේ වගකීම මම බාරගන්න ඕන නෑ – මෛත්‍රීපාල සිරිසේන

සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් ගැළපෙනවා - මෛත්‍රීපාල සිරිසේන

සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් ගැළපෙනවා - මෛත්‍රීපාල සිරිසේන

“රටක බෝම්බ පිපිරුණාම එහි වගකීම රටේ නායකයා භාරගත යුතු නැහැ. වෙන රටවල කවුරුවත් එහෙම රටේ නායකයාට ඇගිල්ල දිගුකරන්නේ නැතැ”යි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(05) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම භාරගත යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා බවද හිටපු ජනාධිපතිවරයා කොමිසමේදී පැවසීය.
අන්තවාදින් ගැන, ඔවුන් ත්‍රස්ත ක්‍රියාවලට සූදානම් වන බවට තොරතුරු තමන්ට ලැබි තිබේ නම් එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයාගේ නියෝගයක් අවශ්‍ය නොවන බවද ඔහු පැවසීය.
සහරාන් හෂිම් ඇතුලු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පිරිසක් ත්‍රස්ත ප්‍රහාරයකට සුදානම් වන බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ බුද්ධි තොරතුර ගැන තමන් දැන සිටියේ නම් ප්‍රතිකාර ලබාගැනිම සඳහා සුදානම් කළ විදෙස් ගමනද අවලංගු කර ප්‍රහාරය වළක්වා ගැනිම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහත්වරුන් ආරක්ෂක කවුන්සිලයට කැඳවීම පසුකාලිනව නවත්වනු ලැබුවේ එම කමිටුවේ රහස් පිටවි මාධ්‍යවල පවා පළවෙල තත්ත්වයක් නිර්මාණය වු නිසා බවද ඔහු පැවසීය.

නිකාබය තහනම් කිරිමට 2016 නොවැම්බර් මාසයේ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදි ඇතිකරගත් එකගතාවය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විරෝධය නිසා වැළකුණ බවද එය පසුව පුවත්පත්වලද පළවූයෙන් නැවත සාකච්ඡාවට ගැනිමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වු බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය. “බොහෝ දෙනා මගෙන් අහනවා සමහරුන්ට ආරක්ෂක මණ්ඩල රැස්වීම කියන්නේ නැත්තේ ඇයි කියලා. ආරක්ෂක මණ්ඩලය වගේ රහස්‍යභාවය රැකිය යුතුම තැනක රහස් පිටට ගියේ කොහොමද? ඒක තමයි හේතුව” යැයිද ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *