කොළඹ වෙරළට ගොඩ ගහන කැස්බෑ මළකුණු

කොළඹ වෙරළට ගොඩ ගහන කැස්බෑ මළකුණු
කොළඹ ගල්කිස්ස මුහුදු වෙරළට මියගිය කැස්බෑවුන් බොහෝමයක් මුහුදෙන් ගොඩ ගැසී ඇති බව ගල්කිස්ස පොලීසිය වාර්තා කරයි.
ඊයේ දිනයේ (03) සවස වනවිට හොඳින් වැඩුනු කැස්බෑවන් තුන්දෙනෙකුගේ මළකුණු වෙරළට ගොඩගැසී තිබුණි.
ඒ අතර ගාලුමුවදොර වෙරළටද මැරුණූ කැස්බෑවුන් කිහිපයක් වෙරළට ගොඩගැසී ඇති බව වාර්තා වේ.
මෙලෙස කැස්බෑවුන් මැරී වෙරළට ගොඩට ගැසීමට හේතු සම්බන්ධව පරීක්ෂණයන් ආරම්භ කිරීමට නියමිතව ඇත.