විකිණෙන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ – අධ්‍යයනයකින් හෙළිවේ

විකිණෙන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ - අධ්‍යයනයකින් හෙළිවේ

විකිණෙන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ - අධ්‍යයනයකින් හෙළිවේ

ඛණිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

පුල්මුඬේ ඛණිජ වැලි සංස්ථාවේ දී සහ දඹුල්ලේ සමාගමක් ඛණිජ නිස්සාරණය කර ගත් පසුව ඉතිරිවන වැලිවල විකිරණ පවතින බව මහාචාර්ය සේනාරත්න මහතා පෙන්වා දී තිබේ. එම වැලිවලින් මිනිත්තුවකට ඒකක 500 කට වඩා විකිරණ නිකුත් කරන බවත් එය ජපානයේ පුකුෂිමා හි විකිරණ කාන්දුවෙන් පසු අද පවතින විකිරණශීලතාවට වඩා වැඩි යැයි ද හෙතෙම සඳහන් කළේය.

පුල්මුඬේ ඛණිජ වැලි සමාගමේ දී ඉල්මනයිට්, රූටයිපල්, සර්කෝන් , මොනොසයිට් යන ඛණීජ වර්ග ඉවත් කරගන්නා අතර, එහි දී ඛණිජ වැලි ඉවත් කරගන්නා ප්‍රමාණය සාමාන්‍යයෙන් 40% පමණක් බවත් තවත් 60% පමණ එම වැලිවල ඛණිජ ඉතිරිවෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. එසේ වීමට හේතුව එහි ඇති යන්ත්‍ර සූත්‍රවල කාර්යක්ෂමතාවයේ මදකම බවට තමන් දැනුවත් වූ බව කී මහාචාර්යවරයා එම වැලි ටෙන්ඩරය ලබාගන්නා දඹුල්ලේ ඛණිජ වැලි සමාගම මීටර් හත අටක් උසට ගොඩ ගසා ඇති අතර එවැනි ගොඩවල් දහයක් පමණ දඹුල්ලේ සමාගමේ තිබූ බවත්, එහි ඇති ඛණිජ ද්‍රව්‍යවලින් විකිරණ නිකුත් වන බවත් විශේෂයෙන් සුළඟේ ගසා ගෙන යන එම වැලිවලින් විශාල හානියක් අවට ප්‍රදේශවලට සිදුවන බවත් පෙන්වා දුන්නේය.

පුල්මුඬේ ඛණිජ වැලි සමාගම ලබා ගන්නා වැලි එම වෙරළ වෙත ගලා එන්නේ ගංඟා ඔස්සේ යැයි පෙන්වා දුන් ඔහු විශේෂයෙන් යාන් ඔය, හා මහවැලි ගඟ ඔස්සේ ගලා එන වැලිවල මෙසේ විකිරණ අඩංගු වන බව කියා සිටියේය. මෙම වැලි යොදාගෙන නිවාස හෝ ඉදිකිරීම් සිදුකළ පසු එම ගොඩනැගිලිවල සිටින අයට පිළිකා අවදානමෙන් මිදෙනු බැරි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහි දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට විශාල වගකීමක් ඇති බවත් වැලි නිධියක් කැණීමට අවසර දීමට පෙර එම වැලි සුදුසුද නැද්ද යන්න ගැන පරික්ෂා කළ යුතු බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා එය සිදු නොවන බව ද පැවැසීය.

මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ බලපත්‍ර දෙද්දී විකිරණශීලීතාව මෙතෙක් නොබැලූ බවකි. ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වන බවත් පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *