ලංකාවේ නවතම ගුවන් සේවය, ‘ස්පාර්ක් එයාර්’ 2021 දී ගුවනට

ස්පාර්ක් එයාර් - spark air

ස්පාර්ක් එයාර්

ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාතික වාණිජ ගුවන් සේවය වන ‘ස්පාර්ක් එයාර්’ ලබන වසරේ (2021) පෙබරවාරි මාසයේ සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ කේ්න්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත ස්පාර්ක් එයාර් ගුවන් සේවය පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ආරම්භයේදී එයාර් බස් A-330 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් මගින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට යයි.

අනතුරුව කඩිනමින් මගී ගුවන් මෙහෙයුම් කටයුතු ද ආරම්භ කරන බව ස්පාර්ක් එයාර්හි ආරක්ෂණ කළමනාකරණ පද්ධති ප්‍රධානී උදිත දන්වත්තේ පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ස්පාර්ක් එයාර් සමාගම මෙතෙක් අනාවරණය නොවූ පුද්ගලයකුගේ සෘජු ආයෝජනයක් ඔස්සේ ක්‍රියාත්මක අතර ඊට තවත් දේශීය සහ විදේශීය ආයෝජකයන් කිහිපදෙනකුගේ දායකත්වය හිමි වේ.

මගීන් භාණ්ඩ සහ තැපැල් ප්‍රවාහන සේවා වෙනුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ස්පාර්ක් එයාර් සමාගමට බලපත්‍රයක් නිකුත් කර ඇති අතර කපිතාන්වරු වන රොබට් ස්පිටල්, රම්සි රහීම්, සමින් අත්තනායක, අෂාන් ද සිල්වා සහ සුරන්ජය ද සිල්වා යන අය සමාගම වෙනුවෙන් අන්තර්ජාතික නිත්‍ය ප්‍රවාහන මෙහෙයුම්වල යෙදීමට අවසර ලබා දී ඇත

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *