යාපනයට ආශිර්වාද පිරිත් යාත්‍රාවක් සිදු කළ භික්ෂූන් වහන්සේලා

යාපනයට ආශිර්වාද පිරිත් යාත්‍රාවක් සිදු කළ භික්ෂූන් වහන්සේලා

යාපනයට ආශිර්වාද පිරිත් යාත්‍රාවක් සිදු කළ භික්ෂූන් වහන්සේලා

උතුරු – නැගෙනහිර පෙදෙස්වලට ආශිර්වාද පිරිත් යාත්‍රාවක් සිදු කළ 30 කට වැඩි භික්ෂූන් වහන්සේලා පිරිසක් යාපනයට පැමිණ සිටියහ.

කවුඩුමුන්න රජ මහ විහාරය සහ පුස්ගොමුව මහා ධර්ම සංවිධානය එක්ව පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කර තිබූ “සුභ නව වසරට සෞභාග්‍යමත් දැක්මක්“ යන තේමාව යටතේ විශේෂ ආධ්‍යාත්මික දුම්රිය යාත්‍රාව සඳහා භික්ෂුන් වහන්සේලා 26 නමක් සමග බෞද්ධ පින්වතුන් 400 දෙනෙක් සමන්විතව තිබුණි.

එමෙන්ම යාපනය ආරක්ෂක හමුදාවේ සේනාධිනායක මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්කසන්තුරේ හමුදා නිවාඩු නිකේතන පරිශ්‍රයේදී අඩු ආදායම් ලාභී පවුල් 160 කට වියලි ආහාර මලුද, ගැබිණි මවුවරුන් 25 දෙනෙකුට පෝෂණ මලුද, පාසල් සිසුන් 100 දෙනෙකුට පාසල් උපකරණද, බෙදා දීම සිදු කෙරුණි.

මෙම අවස්ථාවට සර්ව ආගමික් පූජකවරුන්ද, හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, ප්‍රදේශවාසීන්ද, සහභාගී වී සිටියහ.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *