දිඹුලාගල ප්‍රදේශයේ අහසින් වැටුණු අභිරහස් වස්තුව නිසා මිනිසුන් භීතිකාවෙන්…

දිඹුලාගල - දළුකාන

දිඹුලාගල - දළුකාන

දිඹුලාගල -දළුකාන සහ නාමල්පොකුණ යන ප්‍රදේශවල අහසින් වැටුණු අභිරහස් වස්තුව නිසා එම ප්‍රදේශයේ ජනතාව භීතිකාවෙන් සිටින බව දන්වා තිබේ.

පැලෑටි සහ විදුලි සම්බන්ධතා හතක මෙම අභිරහස් වස්තුව දැක ගත හැකි බව ප්‍රදේශවාසීන් පවසා ඇත. ඊයේ දින උදේ සිට හවස් වන තෙක් මෙම අභිරහස් වස්තුව විටින් විට අහසින් වැටුණු බවත්, එමෙන්ම මෙම වස්තුව මකුළු දැල් වැනි යැයි ද , ස්පර්ශ කරන විට එය ඇලෙන සුළු ස්වාභාවයක් දක්වන බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දී තිබේ.

තිඹුලාගල - දළුකාන

මෙම සිද්ධිය සම්බන්ධව එම ප්‍රදේශයේ වාසය කරන සුල්ලපන්දලකන්ගාර හිමිපාණන් පවසා ඇත්තේ,
මෙම ප්‍රදේශය පුරාවට පියාඹන පීරිසි, උල්කාපාත සහ පිටසක්වල ජීවීන් සම්බන්ධ විවිධ න්‍යායන් පැතිරී යන බවයි. එනිසා, මෙය කුමක්ද? යන ප්‍රශ්නය සඳහා පැහැදිලි පිළිතුරක් ද , ජනතාවගේ භීතිකාවන් සහ සැකයන් දුරු කරන ලෙසටත්, මෙම වස්තුව මිනිසුන්ට සහ සතුන්ට අහිතකර ලෙස බලපායි ද යන්න පිළිබඳව විමර්ශනයන් සිදු කර පැහැදිලි පිළිතුරක් ලබා දෙන ලෙසටත් සුල්ලපන්දලකන්ගාර හිමිපාණන් රජය වෙත ඉල්ලීමක් කර තිබේ.

 

Images:hirunews

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *