අපි තවමත් දවසකට කෝටියක් කප්පම් ගෙවනවා – ගැමුණූ විජේරත්න

ගැමුණූ විජේරත්න

ගැමුණූ විජේරත්න

දිනකට පෞද්ගලික බස්රථවලින් රුපියල් කෝටියක පමණ මුදලක් කප්පම් වශයෙන් ගැනීම තවමත් සිදුවන බව සත්‍යයක් යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා ඊයේ (25) පැවසීය.

වේලා සටහන්කරුවන් මෙන්ම ‘රනර්ලා’ විසින් මෙම කප්පම් ගැනීම තවමත් නතර කර නැතැයි ද ඒ මහතා කීය. ඒ අනුව, දිනපතා දිවයිනේ බස්රථ 20,000 කින් පමණ නිල හා නොනිල අයුරින් මෙම කප්පම් ගැනීම සිදුවන බව නොබියව පවසන බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍යඅමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම තතත්වය නතර කිරිම සඳහා බුද්ධි අංශ යොදවා වැටලීම් සිදුකර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදු කරනු ලැබූවද කප්පම් ගැනීම් තවදුරටත් සිදුවන බවද හෙතෙම පෙන්වාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *