අම්පිටිය සුමනරත්න හිමියන්ට අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් මැදිහත් වී පුනරුත්ථාපනය කළ යුතුයි – සානක්යන්

සානක්යන්

සානක්යන්

අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් මැදිහත් වී අම්පිටිය සුමනරත්න හිමියන් පුනරුත්ථාපනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රා.සානක්යන් මහතා, පාර්ලිමේන්තුව අමතා සිදුකළ කථාවේදී ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

“පසුගිය දිනක මඩකලපුව දිස්ත්‍රික්කයේ අම්පිටිය සුමනරත්න හිමි නමින් හිමිනමකගේ බලහත්කාරකම් පිළිබඳව මෙහිදී කිව යුතුයි, තවද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර පාර්ලිමේන්තුවට යවා ඇති මන්ත්‍රීවරුන්ද මේ පිළිබඳව කථා කළ යුතු බවත් මෙහිදී මතක් කරමි

එම හිමිනම කටයුතු කරන ආකාරය පිළිගත නොහැක. රාජ්‍ය නිලධාරීන්ට බැන වදිමින් පහර දීම, පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යන අයට තර්ජනය කර ඇත. එමෙන්ම අම්පිටිය සුමනරත්න හිමි නමට විරුද්ධව අධිකරණයේ නඩු බොහෝමයක් පවතී. නමුත් එම හිමිනමට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන නොමැත. මේ පිළිබදව පොලිස්පති, අගමැතිත සහ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැති” යනුවෙන් පවසා සිටියේය.

“අප පූජක පක්ෂයට ගරු කරන්නෙමු, එහෙත් ඔවුන් ගෞරවයට පාත්‍රවන ලෙස ක්‍රියා කළ යුතුයි“ යනුවෙන් අවධාරනය කර සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *