(Video)කිලිනොච්චිය, කන්ඩාවල – ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යුත් පවුල් කාඩ්පතක් හඳුන්වා දෙයි

කිලිනොච්චිය, කන්ඩාවල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යුත් පවුල් කාඩ්පතක් කිලිනොච්චිය, කන්ඩාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හඳුන්වා දී තිබේ.
එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාශය ආවරණය වන පරිදි කන්ඩාවල ප්‍රාදේශීය ලේකම්ගේ මූලිකත්වයෙන් මෙම විද්‍යුත් පවුල් කාඩ්පත සකස් කර ඇත.
මෙම අවස්ථාවට කරච්චි සහ පූනකරි ප්‍රාදේශීය ලේකම්වරු සමග යුධ හමුදා නිලධාරීන් ද සහභාගී වූහ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ කන්ඩාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පදිංචිකරුවන්ට ලැබෙන සේවාව පහසු කිරීම සඳහා මෙම විද්‍යුත් පවුල් කාඩ්පත හඳුන්වා දී ඇත. මෙම උත්සවය නිමිතිකොට ගෙන පැළ ද රෝපණය කරන ලදී.