අනවසර පටිගත කිරීම නිසා ජමියතුල් උලමා මවුලවිතුමාට නීතිමය පියවර, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අනවසර පටිගත කිරීම නිසා ජමියතුල් උලමා මවුලවිතුමාට නීතිමය පියවර, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අනවසර පටිගත කිරීම නිසා ජමියතුල් උලමා මවුලවිතුමාට නීතිමය පියවර, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අනවසර පටිගත කිරීම නිසා ජමීයතුල් උලමා මවුලවිතුමාට නීතිමය පියවර, ජමියතුල් උලමා සභාව හදිසියේ රැස්වෙයි – මුර්ෂිඩ් මවුලවිතුමා ඉල්ලා අස්වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමසන ජනාධිපති කොමිසමේ සභාපති විසින් සමස්ථ ලංකා ජමියතුල් උලමාවේ වැඩබලන ලේකම්වරයා හා ඔහුගේ නීතිඥවරයා සදහා නීතිමය පියවර ගැනීමට නියෝග කර තිබෙනවා.

ඒ ACJUහි ලේකම්වරයා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම රහසිගත ලෙස පටිගත කිරීම සම්බන්ධ තොරතුර අනාවරණය වීමත් සමඟය.


ජනාධිපති කොමිෂන් සභාව වෙත ජමියතුල් උලමා සභාව වෙනුවෙන් පෙනී සිටි, එහි සහකාර ලේකම් එම්.එම්. එම්. මුර්ෂිඩ් මවුලවිතුමා පිළිබඳව මාධ්‍යවල පලවන පුවත සම්බන්ධයෙන් ඔහුගෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා උලමා සභාවේ විධායක කමිටුවේ හදිසි රැස්වීමක් බ්‍රහස්පතින්දා (10) ජමියතුල් උලමා මූලස්ථානයේදී පැවැත්විණි.

පසුගිය වතාවන්වල ජනාධිපති කොමිෂන් සභාව වෙත පෙනී සිටයදී ජංගම දුරකථනය ලඟ තබා ගැනීමට අනුමත කර තිබුණු නිසාද, මාධ්‍යවේදීන් කොමිෂන් සභා කටයුතු පටිගත කර ඇති නිසාද, තමාද එය පටිගත කිරීම වරදක් නොවනු ඇතැයි සිතාද, ඉදිරියට කොමිෂන් සභා කටයුතු සඳහා පෙනී සිටීමට පෙර සූදානම් වී පසුව පැවැත්වෙන සැසිවාරවලට සහභාගී වීම සඳහාද, තමා එය පටිගත කිරීම සඳහා තම නීතිඥයා හට ලබා දුන් බව මුර්ෂීඩ් මවුලවි පවසා ඇත. තවද ඔහු කියා සිටියේ, ඇත්ත වශයෙන්ම තමා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන්නේ ජංගම දුරකථන සඳහා අවසර නොදෙන බවට හෝ මාධ්‍යවේදීන්ට පනවා ඇති බැඳීම් පිළිබඳව නොදැන බවය.

මුර්ෂිඩ් මවුලවි තුමාගේ විමර්ශන කටයුතු අවසන් වන තුරු තමා උලමා සභාවේ සහකාර මහලේකම් ධුරයෙන් ඉවත් වන බවට ජම්මියතුල් උලමා සභාවේ මූලස්ථානයට එතුමා ලිඛිතව දැනුම් දී ඇති බවත් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවත් උලමා සභාව දන්වා සිටි.

තවද මේ පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බවත් උලමා සභාව ප්‍රකාශ කර ඇත.
-Image : adaderana

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *