(Photos) මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ “පාතාලයෝ” එළියට

මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ "පාතාලයෝ" එළියට

මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ "පාතාලයෝ" එළියට

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘ගෝඨාභය රාජපක්ෂ’ සිංහල කෘතිය පසුගිය වසරේ එළිදුටු අතර  කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය සහ ‘පාතාලයෝ’ කෘති ද්විත්වය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (6) පස්වරුවේ එළිදැක්විණි.

සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොටගෙන “පාතාලයෝ” නවකතාව රචනා කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසත් සහභාගී වූහ.

කෘති ද්විත්වයේ මුල් පිටපත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයට පිරිනැමුණි. එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට පිළිගැන්වූයේ ඉන් අනතුරුව ය.

කමල් ගුණරත්න මහතා විසින් මීට පෙර “රණමග ඔස්සේ නන්දිකඩාල්” නමින් සිංහල භාෂාවෙන් ද එහි ඉංග්‍රීසි අනුවර්තනය “Road To Nandikadal” ඇතුළුව “කඩොල් ඇත්තු” “උත්තර දේවි” “ගෝඨාභය” යන කෘති 05 රචනා කර තිබිණ. “පාතාලයෝ” සහ “GOTABAYA” ඉංග්‍රීසි අනුවර්තනය ඔහු විසින් රචනා කරන ලද 06 වැනි සහ 07 වැනි ග්‍රන්ථ ද්විත්වයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *