Type to search

ගුරුවරුන් අතරින් 94%ට මානසික ආතතිය…

Share

“ගුරුවරුන් අතරින් 94%ක් මානසික ආතතියෙන් පෙළෙන බව ඇමෙරිකාව විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා” යැයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා නාලනී දොඩම්පේගම මැතිනිය පැවසුවාය.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ ඇමෙරිකා මිසුරි විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසිනි. සමීක්ෂකයින් පවසන්නේ ගුරුවරුන්ගේ මෙම මානසික ආතති තත්ත්වය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සාර්ථකත්වයට ද ඍණාත්මක ලෙස බලපාන බවයි.

මේ සඳහා වහාම අවධානය යොමු කළ යුතු බවත්, ගුරුවෘත්තිය දැඩි පීඩනයක් ඇති කරන වෘත්තියක් බැවින් ගුරුවරුන් මුහුණ දෙන ගැටළු විසඳීම අතිශය තීරණාත්මක කාරණයක් බවත්, සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට පමණක් නොව ඔවුන්ගේ චර්යාව සම්බන්ධ කාරණාවලදී ද මේ තත්ත්වය නිසා බලපෑම් එල්ලවිය හැකි බවත් මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් තමන් මුහුණ දෙන මානසික ආතතිය විසඳා ගැනීම සඳහා ගුරුවරුන්ට ප්‍රමාණවත් උපකාරයක් නොලැබෙන බව ද මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

එම නිසා මේ පිළිබඳව අවධානය යොමු කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සකස් කරන නිලධාරීන්ට දැඩි වගකීමක් ඇති බව ද සමීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානීන් පෙන්වා දෙයි.

ගුරුවරුන් අතරින් 94%ට මානසික ආතතිය

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *