(Photos) පුත්තලම ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කර ඉස්සන්ට බාරදෙයි

පුත්තලම ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කර ඉස්සන්ට බාරදෙයි

පුත්තලම ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කර ඉස්සන්ට බාරදෙයි

මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන පුත්තලම, ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් කොටු ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කරන සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.

දේශපාලඥයින්ගේ මැදිහත්වීමෙන් එම භූමියේ ඉස්සන් ටැංකි සාදා ඇති බවද, හලාවත දිසා අධිකරණයටද මෙම විනාශය පිළිබඳව කරුණු වාර්තා කර ඇති බවද හෙතෙම කියාසිටී. ඉකුත් 25 වැනිදා රාත්‍රියේ උඩප්පුව ප්‍රධාන මාර්ගයෙන් රැම්සා අභය භූමියට ඩෝසර් යන්ත්‍ර ඇතුළු කර ඉන් පසුව මුතුපන්තියට ගමන් ගන්නා අතුරු මාර්ගය පිහිටි පිංකට්ටිය ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බව පරිසරවේදීහු පවසති.
මෙයට පෙරද අවස්ථා ගණනාවකදී දේශපාලන මැදිහත්වීම් මත රැම්සා අභය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඉස්සන් ටැංකි සකසා තිබූ බවත්, 2000 වසරේදීත් එවැන්නක් වූ බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමඟ එම පිරිස භූමියෙන් පිටව ගිය බවත් ඔවුහු කියති. පරිසර වැනසු පිරිස මෙම භූමියෙන් ඉවත් වී යාමෙන් පසුව අදාළ පෙදෙසෙහි නැවත කඩොලාන රෝපණය කිරීමට වන ජීවි නිලධාරින් සියලු කටයුතු අරඹා තිබුණි.

වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක පරිසරවේදියකු වන අජීත් ගිහාන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මේ රැම්සා තෙත් බිම අවස්ථා ගණනාවකදි දේශපාලඥයින්ගේ බල පුළුවන්කාරකමට වනසා දැම්මා. නමුත් අපි මෙවර විශ්වාස කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා සුදුසු නීතිමය පියවර නිවැරදි විදිහට ගනී කියලා. පරිසරය වනසන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නාතෙක් අපි බලා සිටිනවා” යැයිද ගිහාන් මහතා කියයි.

ආනවිළුන්දාව රැම්සා අභය භූමිය හෙක්ටයාර් 1397 කින් සමන්විත අතර එය 2001 අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ.

අලංකාර වැව් පද්ධතියකින් සමන්විත ආනවිළුන්දාව දේශීය හා විදේශීය කුරුල්ලන්ගේ සුවිශේෂ වාසභූමියකි. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ප්‍රදේශයෙන් මෙම සුන්දර පරිසර පද්ධතියට ඇතුළු වීමට හැකිය.

පුත්තලම ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කර ඉස්සන්ට බාරදෙයි

පුත්තලම ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කර ඉස්සන්ට බාරදෙයි

පුත්තලම ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කර ඉස්සන්ට බාරදෙයි

-lankadeepa-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *