(Video) නෙළුම් කුලුනට අලුතෙන් වැඩට එන ‘දියසෙන් කුමරු’ රොබෝව

දියසෙන් කුමරු

දියසෙන් කුමරු

ශ්‍රී ලාංකේය සන්නිවේදන ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් කොළඹ නගරයේ ඉදි කරන ලද ‘නෙළුම් කුලුනේ’ රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය ‘දියසෙන් කුමරු’ යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුලුන ලෙසින් සැලකෙන මේ කුලුන වෙත පැමිණෙන අමුත්තන් පිළිගැනීම, ප්‍රවේශපත් මිලදී ගැනීම, යා යුතු මඟ පෙන්වීම ආදිය දියසෙන් කුමරු විසින් සිදු කරන අතර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම කතා කිරීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි.

එසේම දකුණු ආසියාවේ පළමු මානවරූපී රොබෝ යන්ත්‍රය නිපදවමින් ලාංකීය ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට මෙරට ඇරිමැක් ආයතනය පියවර ගෙන තිබෙන අතර, ඒ අනුව මෙමඟින් නෙළුම් කුලුනේ කාර්යයන් සඳහා ඉදිරියේ දී සක්‍රීය දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වෙයි. නවීන තාක්ෂණික දැනුම භාවිත කරමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය ඇරිමැක් ආයතනය විසින් නිෂ්පාදනය කර තිබෙන අතර, මෙය වසර තුනක කාලයක් ඇතුළත නිෂ්පාදනය කර තිබේ.

දකුණු ආසියාවේ නිෂ්පාදනය කරන ලද උසම රොබෝ යන්ත්‍රය වන මේ ‘‘දියසෙන් කුමරු‘‘ රොබෝ යන්ත්‍රයට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනෙකට ගමන් කිරීමේ හැකියාව තිබෙන අතර, තාක්ෂණික අතින් ඉහළම මට්ටමේ පවතී.
 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *