(Video) ‘ලංකාවේ සෞඛ්‍ය සේවය අමෙරිකාවටත් වඩා හොඳයි’ – අමෙරිකානු කාන්තාවකගේ සටහන

0
ලංකාවේ සෞඛ්‍ය සේවය අමෙරිකාවටත් වඩා හොඳයි

ලංකාවේ සෞඛ්‍ය සේවය අමෙරිකාවටත් වඩා හොඳයි

”ලංකාවේ සෞඛ්‍ය සේවය අමෙරිකාවටත් වඩා හොඳයි” – ඒ අපේ රටේ සෞඛ්‍ය සේවය ගැන අමෙරිකානු ජාතික කාන්තාවක් තැබූ සටහනක්.

අලේනා අපීසෙලා වන මෙම අමෙරිකානු ජාතික කාන්තාව පසුගිය දිනක අක්කරෙයිපත්තු මූලික රෝහලට ගොස් ඇත්තේ , උදරයේ හටගත් වේදනාවකට ප්‍රතිකාර ගැනීම සඳහායි.

කෙසේ වෙතත් අදාළ කාන්තාව පරීක්ෂා කරන වෛද්‍යවරු ඇය ඇපෙන්ඩිසයිටිස් රෝගී තත්තවයෙන් පසුවන බවට නිශ්චය කරනු ලබයි. ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමට තීරණය වන්නේ ඉන් අනතුරුවයි.

වෛද්‍ය පී. කේ. රවීන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ ශල්‍යකර්මය සාර්ථකව අවසන් වීමෙන් පසු අලේනාට රෝහලින් පිටව යාමට අවස්ථාව උදා වනවා.

රෝහලෙන් පිටව යාමට පෙර ඇය රෝහ‌ල් සටහන් පොතේ මෙවැනි සටහනක් තබනවා.

”සියලු දෙනා මාව හොඳට ම බලා ගත්තා. ලංකාවේ වෛද්‍ය සේවය ඉතා විශිෂ්ටයි, අමෙරිකාවට වඩා මේ හොස්පිටල් එකේ හොඳ සේවයක් ලැබුණා. සියලු දෙනාට ම ස්තුතියි..”

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය සේවය පිළිබඳ විවිධ අදහස් තිබෙන්නට පුළුවන්…

එහෙත් අක්කරෙයිපත්තු රෝහල් කාර්ය මණ්ඩලය අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගුණාත්මකභාවය ලෝක බලවතාට වඩා ඉහළ මට්ටමක ඇති බව ලෝකයට කියා පෑම පැසසිය යුත්තක්.

-newsfirst-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com