‘අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරය අවලංගු කරන්න’ – ඕමල්පේ සෝභිත හිමි

ආණ්ඩුව කොළඹ වරාය නගරය වෙනුවෙන් රටේ නීතිය බරපත ලෙස නොසලකා හරිමින් සියලු ආගම්වලට පහර ගසයි - ජාතික විද්වත් සංඝ සභාව

ආණ්ඩුව කොළඹ වරාය නගරය වෙනුවෙන් රටේ නීතිය බරපත ලෙස නොසලකා හරිමින් සියලු ආගම්වලට පහර ගසයි - ජාතික විද්වත් සංඝ සභාව

‘අපේ ජනබල පක්‍ෂය’ට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ(21) ඇඹිලිපිටියේදී පැවැසූහ.

“අපේ ජනබල පක්‍ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට කවුරු එනවද කියලා තවම නිශ්චිත කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ඒ තත්ත්වය යටතේ සිවුරු පොරවාගත් පාතාල නායකයින්, කණ්ඩායම්, වංචනිකයන්, ආත්මාර්ථකාමීන්, අවස්ථාවාදීන් අපේ ජනබල පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ හැකියාවක් තිබෙනවා. මෙම ගැටලුව බෞද්ධ ජනතාවගේ මෙන්ම මහා සංඝ රත්නයටත් අවමානයක්, අපහාසයක්, උපහාසයක්. එම නිසා එම තනතුර අවලංගු කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයිද සෝභිත හිමියෝ සඳහන් කළහ. උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරම විහාරස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ එහිදී මෙසේද පැවැසූහ. “මම මෙම විශේෂ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාවේ නියමය අනුවයි. අපේ ජනබල පක්‍ෂයේ දේශපාලන ව්‍යාපාරය අනුව මේ වනවිට ඇතිවෙලා තිබෙන මෙම ගැටලුව ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ පමණක් නොවෙයි, සදාචාර සමාජයේ මහත් කම්පනයට පත්වෙලා තිබෙනවා. මෙම පක්‍ෂයේ උදවිය රටට ප්‍රකාශ කළ දේ ඉටු නොවන තත්ත්වයක් වර්තමානයේ උදාවෙලා. 67,000 ක ජන්ද දායකයින් පිරිසක් ඡන්දය පාවිච්චි කළේ එක්තරා චරිත කිහිපයක් මුල්කරගෙන. නමුත් එයින් ලැබුණු එකම මන්ත්‍රී ධූරය බෙදා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලු පැන නැගිලා තිබෙනවා. මෙම ඉල්ලීම නීත්‍යානුකූල නොවන බව ඇත්ත. නමුත් අවශ්‍යතාවය ඇති තැන නීතිය වුණත් සකස් කරන්න හැකියාව තිබෙනවා. මොකද නීතිය පවතින්නේ ජනතාව සදහායි. ජනතාව නීතිය සදහා නොවේය කියන සංකල්පය යටතේ අවශ්‍යතාවයක් පැන නැගුනාම ඒ අනුව නීතිය සක්ස්කර ගන්න බැරි කමක් නැහැ. එවැනි ආදර්ශ අපි අනන්ත දැකලා තිබෙනවා. නමුත් නීතිය ඉක්මවලා ගිය සාධාරණත්වය, ධාර්මිකත්වය. ශාසන ගෞරවය සලකා බලනවා නම් අපේ ඉල්ලීම සාධාරණයි. මහා සංඝයා වහන්සේලාගේ ගෞරවයත්, ශාසනයේ ගෞරවයත්, සාමාන්‍ය සදාචාරයත් ගැන සිතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මෙම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව ඇති කියලා අපි විශ්වාස කරනවා” යැයිද සෝභිත හිමියෝ පැවසූහ.
(ලංකාදීප වෙනුවෙන් රෝහණ සමරවීර)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *