බේරූට් පිපිරීම් වගකීම ගෙන ලෙබනන රජය ඉල්ලා අස්වේ..

බේරූට් පිපිරීම් වගකීම ගෙන ලෙබනන රජය ඉල්ලා අස්වේ..

ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබු ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,000කට වැඩි ප්‍රමාණයකට ගිනි ඇවිළීමෙන් එම පිපිරුම සිදු වූ අතර පිපිරීමෙන් වරාය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
පිපිරීම සම්බන්ධයෙන් මෙන්ම රජයේ දූෂණ හා අක්රමිකතාවන්ට එරෙහිව අගමැති හසන් ඩයබ් ප්රමුඛ රජය වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනා හමුවේ ලෙබනන රජය ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති මයිකල් අවුන් සඳුදා ඩයබ්ගේ ඉල්ලා අස්වීම පිළිගත් අතර, නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයින් 200ක් පමණ මියගොස් තවත් 6,000ක් පමණ තුවාල ලබා තිබුණු අතර, මේ සමග රටේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත විය. එහිදී රජයට එරෙහි උද්ඝෝෂණ හා විරෝධතා උත්සන්න වූ අතර, පුද්ගලයන් 728ක් තුවාල ලැබූ අතර,එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය.
“මම අද ප්‍රකාශ කරන්නේ මේ ආණ්ඩුවේ ඉල්ලා අස්වීමයි. දෙවියන් වහන්සේ ලෙබනනය ආරක්ෂා කරත්වා” ඩයබ් අවසාන වාක්‍යය තුන් වතාවක් පුනරුච්චාරණය කළේය.
මේ අතර ලෙබනනය පිපිරීමෙන් ඇති වූ ව්‍යසනය මෙන්ම නව කොරෝනා වසංගතය හමුවේද දැවැන්ත අභියෝගයකට මුහුණදී සිටින අතර,රෝහල්වල් විනාශ වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීමේ අර්බුදයකටද මුහුණ දී සිටියි.
උද්ඝෝෂණ හා විරෝධතාවේ ඡායාරූප පහතින් ..