කලා ඔය බස් රථයේ සිරවී සිටි පිරිස බේරා ගැනීමට ත්‍රිවිධ හමුදා මෙහෙයුමක්

0

පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ පළමුව නාවික හමුදාවේ සහන කණ්ඩායමක් යොදවා ගලවා ගැනීමේ උත්සාහයක නිරත වූ බවත් එය අසාර්ථක වූයේ පැවැති කාලගුණය සහ සැඩ පහර නිසාවෙන් බවය.

කෙසේ වෙතත් මේ වන විට නාවික හමුදාවේ ක්‍රියාකාරි යාත්‍රා බලගනය, ශ්‍රී ලංකා නාවික කිමිදුම් අංශය, විශේෂ යාත්‍රා බලගනය ආදීයෙන් සැදුම් ලත් අතිරේක භට පිරිස් මෙම මුදවා ගැනීම් සඳහා යොමුවෙමින් පවතින බවත් නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com