ජෝර්දානයේ රැකියා අහිමි වූ ලාංකිකයින් තානාපති කාර්යාලය වටලයි, පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර (video)

0
ජෝර්දානයේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජෝර්දානයේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් සිය රැකියා අහමි වූ ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මාස පහක පමණ කාලයක සිට ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ 340ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසට රැකියා අහිමි වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පෙරේදා (27) ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලාංකිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වී ඇත.

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී පැහැදිලි විසඳුමක් ලබාදීමට තානාපති නිලධාරීන් අපොහොසත්වීම නිසා තානාපති කාර්යාලයේ පිටත උණුස්ම්කාරී තත්වයක් හටගෙන තිබේ. එම අවස්ථාවේදී ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් newsfirst පළ කළ වීඩියෝ පටය පහත ..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com