හරිමඟ : පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය අස්ගිරි මහා නා හිමි වෙත පිළිගන්වති…

ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂක පිරිස ”69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අපේක්ෂාව සපල කරන ‘හරිමඟ’ පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය” නම් වූ තම පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුවේ දී එළිදක්වන ලද කෘතිය පෙරේදා(02) අස්ගිරි මහා විහාරයේදී ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක, අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නාහිමි වෙත පිළිගන්වා ආශිර්වාද ලබා ගත්හ.