රට වැසියන් වෙනුවෙන් තම විවාහය කල් දැමූ අගමැතිනිය…

කොරෝනා අර්බුධය සම්බන්ධයෙන් යුරෝපීය කවුන්සිලයේ උපදේශක සභාවට සහභාගී වීම සඳහා ඩෙන්මාර්කයේ අගමැතිනිය වන මෙට් ෆෙඩ්රික්සන් සිය විවාහය කල් දමා ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක් වීමෙන් පසුව බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස් හි ජූලි 17 වන දින, ප්‍රථම වරට යුරෝපීය රටවල නායකයින් එක් වී කොරෝනා අර්බුධයෙන් මිදීම සඳහා අවශ්‍ය සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අතර ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් මැතිනිය තම අනාගත සැමියා වන බෝ ඩෙන්බර්ග්ගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි. එහිදී ඇය ප්‍රකාශ කර තිබුණේ,

“මම මොහු සමඟ විවාහ වීමට නියමිතව සිටිමි, ජූලි මස 17 වන දින අපගේ විවාහ උත්සවය සඳහා සැලසුම් කර තිබිණි. නමුත් මම මාගේ රාජකාරිය කළ යුතු අතරම ඩෙන්මාර්කයේ අවශ්‍යතා පිළිබඳව ද සලකා බලා එය ආරක්ෂා කළ යුතුයි. බෝ හට ‘ ඔව් ‘ කීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටිමි.” යනුවෙනි.

මේ අතර, වාම සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි වයස අවුරුදු 41ක් වන මෙට් ෆෙඩ්රික්සන් මැතිනිය පසුගිය වසරේ ඩෙන්මාර්කයේ ලාබාලතම අගමැතිවරිය ලෙස තේරී පත් විය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ග්‍රීන්ලන්තය මිල දී ගැනීමට සිටි ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අදහස මෙට් විවේචනය කිරීමෙන් පසුව දෙදෙනා අතර ගැටුම් ඇති විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *