ආර්ථික මධ්‍යස්ථානවලට එළවලු ලැබීමේ හිඟයක්; මිල ගණන් ඉහළ අගයක

0
එළවලු මිල යළිත් ඉහළට

එළවලු මිල යළිත් ඉහළට

දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථානවලට එළවලු ලැබීමේ හිඟයක් පවතින බව පවසනවා.

මේ හේතුවෙන් එළවලු මිල ගණන් මේ දිනවල ඉහළ අගයක පවතින බවටයි ජනතාව චෝදනා කරන්නේ.

වැලිමඩ, ඌව පරණගම, බණ්ඩාරවෙල ආදි උඩරට එළවලු බහුලව වගා කරන ප්‍රදේශවල ගොවීන් සඳහන් කරන්නේ රසායනික පොහොර ගැටලුව යථා තත්ත්වයට පත්ව නැවත එළවලු මිල සාමාන්‍ය අගයකට පත්වීමට නම් තවත් මාස කිහිපයක් ගත වනු ඇති බවයි. කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ද ඉහළ අගයක පවතින අතර අස්වනු ලැබීම 20%ක් පමණ බව වෙළෙදුන් පවසනවා. තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 350ක්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 600ක්, බෝංචි රුපියල් 350ක්, කැරට් රුපියල් 300ක්, ගෝවා 250ක පමණ තොග මිලක් පවතිනවා.

මේ අතර සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ දිවයිනේ සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම පාහේ එළවලු තොග ලැබීමේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com