රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව අධිකරණයෙන් වරෙන්තු!

0

ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.
​කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඔහුගේ ඇපකරුවන්ට ද නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
​අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.
​රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව 2027 පෙබරවාරි 24 වන දින යළි කැඳවන ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
​භික්ෂු ශාසනයෙන් නෙරපා හරින ලද රාජාංගණයේ සද්ධාරතන, අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණි.
​අනුරාධපුර පූජා නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකට අදාළ වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *