අයවැයට විරෝධය පා සරසවි අනධ්‍යයන සේවකයින් අද වර්ජනයක
සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (25) සංකේත වර්ජනයක සහ විරෝධතාවයක නිරත වනවා.
සිය වැටුප් හා දීමනා කප්පාදු කර ඇති බව පවසමින් මොවුන් මෙලෙස වර්ජනයේ නිරත වන අතර ඉකුත් සතියේ ද ඔවුන් සංකේත වර්ජනයක නිරත වුණා.
මේ අතර, ඉදිරි දින කිහිපයේදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකරන්නේ නම් මේ මස 30 වැනිදා, සමස්ත රාජ්‍ය සේවයේම වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි වෘත්තිය සමිති පවසන්නේ.
ඊට ගුරු විදුහල්පති වෘත්තිය සමිති ද එක්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.
