දිවයින පුරා ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු 5,000කට ආසන්නයි

0

දිවයින පුරා ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු 4,861 ක් පවතින බව අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ලබාදුන් නවතම වාර්තාවක සඳහන් වනවා.

ජාතික පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු 386 ක් පවතින අතර පළාත් වශයෙන් සලකා බැලීමේදී වැඩිම ගුරු හිඟයක් මධ්‍යම පළාතෙන් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 1,045 ක්.

එමෙන්ම උතුරු පළාතේ 868 ක්, බස්නාහිර 708 ක්, උතුරුමැද 465 ක්, වයඹ 397 ක්, නැගෙනහිර 319 ක්, සබරගමුව 268 ක්, දකුණ 224 ක් සහ ඌව පළාතෙන් 181 ක් වශයෙන් පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු හිඟයක් පවතිනවා.

විෂයයන් සැලකීමේදී වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් ප්‍රාථමික ඉංග්‍රීසි අංශයේ පවතින අතර, එම සංඛ්‍යාව 2,992 ක්.

මීට අමතරව සාමාන්‍ය ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු 682 ක්, සාමාන්‍යපෙළ ඉංග්‍රීසි සඳහා 669 ක්, අපොස උසස් පෙළ සඳහා 438 ක් සහ සාහිත්‍ය හා රසාස්වාදය විෂය සදහා ඉංග්‍රීසි ගුරුවරු 80 ක් නොමැති බව එම වාර්තාවේ සඳහන්.

6-11 ශ්‍රේණි ඉංග්‍රීසි ගුරු පුප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම වර්ෂයේදී උපාධිධාරීන් බඳවා ගන්නා අතර, 2027 වසරේ මුල් කාර්තුවේදී 2022-2024 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed