මාතලේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියයයි
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාතලේ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් පසු අද (20) අලුයම මියගොස් තිබෙනවා.
මාතලේ පොලිසිය සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී අලුයම 12.45ට පමණ ඔහු මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, අම්පිටිය, දිලෙනගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
