​රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද ඇප මත මුදා හැරේ!

0

විහාරස්ථානයක ඉදිකිරීමක් සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) ඇප මත මුදා හැරිණි.
​මීට පෙර පනවා තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ ත්‍රිකුණාමලය අධිකරණයට හා අනුරාධපුර විනිසුරුවරයෙකුට අපහාසාත්මක ප්‍රකාශ කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් උන්වහන්සේ සිය නීතිඥවරයා මාර්ගයෙන් සමාව අයැද සිටීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය උන්වහන්සේ මුදා හැරීමට නියෝග කළේය.
​පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කළ එම සමාව අයැදීමෙන් පසුව අධිකරණය විසින් ඇප නියම කරන ලදී.
​ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රය තුළ ඉදිකිරීමක් සිදු කිරීම සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධ නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *