වසර 75කට පසු ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 98%ක් දක්වා ඉහළට

0

පසුගිය වසර 75ක කාලයකින් පසු එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එල් නිනෝ තත්ත්වය සියයට 98ක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න පවසයි.

සියයට 95කට පමණ පැවති මෙම පුරෝකථනය මෙසේ සියයට 98 දක්වා වර්ධනය වී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා සිටියේ එම දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

කෙසේ වෙතත්, එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද ඔහු සඳහන් කලේය.

එමෙන්ම පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී ඇතැම් ප්‍රදේශවලට දැඩි නියඟයක් ඇති විය හැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *