වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී

0

වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) විශ්‍රාම ගනු ලැබුවා.

ඒ වසර තිස් අටක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

ඔහුගේ විශ්‍රාම යාම නිමිත්තෙන් අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වුණා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ලෙස ඉතිහාසයට එක්වූ, නීතිවේදී (LL.B) සහ නීතිඥවරයෙකු වන, මෙන්ම මහජන ගෞරවයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.

කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සුවිශේෂී සන්නිවේදන කාර්යභාරයක් ඉටුකළ ඔහු, තම වෘත්තීය නිපුණතාවය සහ සරල, මිත්‍රශීලී ගුණාංග නිසා ජනතාව අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වුණා.

අවිස්සාවේල්ලේ, කොස්ගම උපත ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය (LL.B) ලබාගත් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු වන අතර 2020 වසරේදී ඔහුට පොදු මහජන සේවය උදෙසා සම්මානනීය ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනමා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *