අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහළට
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය කර තිබෙනවා.
ඒ අනුව, රුපියල් 248ක මිලකට පැවති දැවි තෙල් ලීටරයක මිල රුපියල් 38 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 210ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
එමෙන්ම රුපියල් 210ක පැවති නැප්තා ලීටරයක මිල රුපියල් 35 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 175 ක් ලෙසයි සටහන් වෙන්නේ
