ශ්‍රී ලාංකේය ඖෂධ ක්ෂේත්‍රයට අලුත් ජාත්‍යන්තර වෙළෙඳපොළක්: කාම්බෝජයට ඖෂධ අපනයනය ඇරඹෙයි

0

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ කාම්බෝජයට අපනයනය කිරීම අරඹමින් Gamma Interpharm (Pvt) Ltd සමාගම සිය දශක හයක ව්‍යාපාරික ගමන් මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙම පියවර ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට කලාපීය වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට වැදගත් අවස්ථාවක් වන අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ සඳහා නව අවස්ථා විවර කිරීමට ද එය දායක වනු ඇත.

Gamma Interpharm විසින් කාම්බෝජය වෙත ප්‍රථම ඖෂධ තොගය අපනයනය කිරීම 2026 අගෝස්තු 14 වැනිදා සමාගමේ නිෂ්පාදන පරිශ්‍රයේදී පාර්ශ්වකරුවන් සහ සේවකයන්ගේ සහභාගිත්වයෙන් නිල වශයෙන් ආරම්භ කළේය.

සමාගම සඳහන් කළේ මෙම ජයග්‍රහණයත් සමඟ කාම්බෝජයට ඖෂධ අපනයනය කරන පළමු ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදන සමාගම බවට Gamma Interpharm පත්ව ඇති බවයි.

කාම්බෝජ වෙළෙඳපොළට පිවිසීම, ජාත්‍යන්තර ව්‍යාප්තිය පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ විදේශීය වෙළෙඳපොළ තුළ ස්ථාපිත කිරීමේ Gamma Interpharm හි දිගුකාලීන උපාය මාර්ගයේ වැදගත් පියවරකි.

Waer Lambert Inc. සහ ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer Inc. සමඟ පැවති සබඳතා ඔස්සේ ගොඩනැගුණු උරුමයකින් යුත් Gamma Interpharm, පසුගිය දශක හයක කාලය තුළ ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදකයකු ලෙස සිය නිෂ්පාදනවල තත්ත්ව සහතිකකරණ සහ විශ්ලේෂණ හැකියාවන් අඛණ්ඩව වර්ධනය කර ඇත.

සමාගමේ සභාපති කළණ හේවාමල්ලිකා මහතාගේ දැක්ම සහ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ නව අවස්ථා නිර්මාණය කිරීමට Gamma Interpharm විශේෂ අවධානයක් යොමු කර තිබේ.

නවීන ඖෂධ නිෂ්පාදන තාක්ෂණයෙන් සහ උසස් විශ්ලේෂණ පහසුකම්වලින් සමන්විත Gamma Interpharm සතුව ජාත්‍යන්තර අත්දැකීම් සහිත දක්ෂ වෘත්තීය කණ්ඩායමක් සිටී. තාක්ෂණය, පුහුණුව සහ විශිෂ්ට ගෝලීය භාවිතයන් සඳහා අඛණ්ඩව සිදුකරන ආයෝජන හරහා ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල වන පරිදි සිය නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීමට සමාගම කටයුතු කරයි.

Gamma Interpharm නිෂ්පාදන පරිශ්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මාර්ගෝපදේශවලට අනුකූලව සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය යටතේ ක්‍රියාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *