නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ 33ක් ඩිංගි යාත්‍රා 18ක් සමඟ නාවික හමුදා භාරයට

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33ක් සහ ඩිංගි යාත්‍රා 18ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33ක් සහ ඩිංගි යාත්‍රා 18ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ ධීවර පරීක්ෂක කාර්යාල ඒකාබද්ධව දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 33 දෙනෙක් සහ ඩිංගි යාත්‍රා 18ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අගෝස්තු මස 16 වැනි දින සිට 27 වැනි දින දක්වා කාල සීමාව තුළ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් ත්‍රිකුණාමලය ඉලන්කන්තෙයි, ලංකාපටුන, බ්ලැක් පොයින්ට්, අරිසිමලේ, නිලාවේලි, කල්කුඩා, කොක්කුතුඩුවායි, අඩුක්කුපාඩු, කොකනට් පොයින්ට්, මඩකලපුව, යාපනය වෙත්තලකේනි, කඩ්ඩයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් දියත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, කෝකිලායි, යාපනය සහ මඩකලපුව යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ කල්කුඩා හා නිලාවේලි යන පොලිස් ස්ථාන වෙත භාර දුන් බවයි නාවික හමුදාව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *