එල්නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් 7කට දැඩි වියළි කාලගුණයක්: පවුල් 26,000කට වැඩි පිරිසක් පීඩාවට

0
වියළි කාලගුණයෙන් 84,000කට වැඩි පිරිසක් පීඩාවට

වියළි කාලගුණයෙන් 84,000කට වැඩි පිරිසක් පීඩාවට

එල්නිනෝ තත්ත්වය හමුවේ දිස්ත්‍රික් රැසකට බලපා ඇති වියළි කාලගුණයෙන් ජනතාව පීඩාවට පත්ව සිටියි.

අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වලට මෙම තත්වය බලපා තිබෙනවා. එම දිස්ත්‍රික්කවල පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්යටයි. එහි පවුල් 11,074කට අයත් පුද්ගලයින් 35,639 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සදහන් කරයි.

මේ අතර අම්පාර මඩකලපුව මොනරාගල පොළොන්නරුව රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට පානීය ජලය බෙදාහැරීම්ද සිදුකෙරේ.

මෙම උණුසුම් කාලගුණය හමුවේ නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍ර දේශවල දිවා කාලයේදීත් උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමුකළ යුතු මට්ටමක පවතියි.

මේ අතර අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට සෘජුව හිරු මුදුන්ව පවති.

මෙම වියළි කාලගුණය හමුවේ කුඩා වැව් සියල්ලම පාහේ සිදීගොස් ඇති අතර ජලාශ රැසකද ජල මට්ටම් පහව ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *