මත්ජාවාරම්කරුවන් සහ පාතාලයේ රුපියල් මිලියන 6,000ක දේපළ තහනම්: ඉතිහාසගත මෙහෙයුමෙන් ප්‍රධාන සැකකරුවන් නීතියේ රැහැනට

0
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාලයේ මිලියන 6000ක දේපළ තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාලයේ මිලියන 6000ක දේපළ තහනම් කරයි

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලින 6000ක දේපල මේ වන විට තහනම් කිරීමට හැකි වී තිබේ.

එය ඉතිහාසගත වන තත්ත්වයකි.

මෙරට අපරාධ ජාලය මෙන්ම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් විදේශන්හි සැගව සිටිමින් එමනීති විරෝධී කටයුතුවල නිරත වේ.

ඔවුන් නම ගිය අපරාධකරුවන් පිරිසක්. මත්ද්‍රව්‍ය ජාවාරම හෝ අපරාධ ජාලය මැඩපවැත්වීමට නම් ඒවායෙහි මුදුන් මුලම නැති කළ යුතුය යන අධිෂ්ඨානය සහිතව ඒවෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර‍යි.

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධානම සැකකරුවන් මෙලෙස නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව පසුගිය වසර දෙකක කාලය තුළ ප්‍රධාන පෙලේ සැකකරුවන්ට අදාළව විමර්ශන 113ක් ක්‍රියාත්මක කෙරුණි.

එහිදී අපරාධකරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපල තහනම් කිරීමට හැකිවුණා. ඒ අතුරින් රුපියල් මිලියන 5423ක දේපල අයත් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 102 දෙනෙකුටයි.

රුපියල් මිලියන 209ක් සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකුට අයත් දේපල වේ.

පිරමීඩ වංචා ළමා අපයෝජන සහ පුපුරණද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ 08 දෙනෙකුගේ රුපියල් මිලියන 364ක දේපලද මේ අතර වන බව වාර්තා වේ.

පසුගිය කාලයේදී විමර්ශන 2406ක් ක්‍රියාත්මක කෙරුණා.

දැනටමත් විමර්ශන 1410ක් ක්‍රියාත්මක කෙරෙනවා. සැකකරුවන් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහාධිකරණයේ විභාග වන නඩු සංඛ්‍යාව 17ක්. නීතිපතිවරයා වෙත ගොනු 95ක් යොමු කර තිබේ.

අපරාධකරුවන් උපයාගත් රුපියල් මිලියන 168ක වටිනාකමකින් යුත් රත්‍රං පිළිබඳ විමර්ශන 06ක් ක්‍රියාත්මකයි.

රුපියල් මිලියන 428කට අයත් බැංකු ගිණුම් 176ක් පිළිබඳ විමර්ශන 26ක් සිදු කෙරෙනවා. රුපියල් මිලියන 1322ක් වටිනා අක්කර 235කට අධික ඉඩම් මිලදී ගැනීම පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. රුපියල් මිලියන 1171ක වියදමින් මිලදී ගත් වාහන 142ක් සම්බන්ධයෙන් විමර්ශන 51ක් ක්‍රියාත්මකව පවතිනවා. රුපියල් මිලියන 461ක මුදලක් සම්බන්ධයෙන්ද රුපියල් මිලියන 1437ක් වටිනා නිවාස 55ක් සම්බන්ධයෙන්ද දැන් සොයා බැලේ.

කඩ කාමර 21ක් සම්බන්ධයෙන් විමර්ශන 06ක් ක්‍රියාත්මකයි. එම කඩ කාමරවල වටිනාකම රුපියල් මිලියන 214ක් වේ.
ගොඩනැගිලි 08ක් සම්බන්ධයෙන් සැක පවතිනවා. ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 250ක් පමණ වන බවයි පොලීසිය සදහන් කරන්නේ.

බහුදින ධීවර යාත්‍රා 12ක් පිළිබද විමර්ශන ආරම්භ කෙරුණු අතර ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 305ක් බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

රුපියල් මිලියන 239 ක් වටිනා අනෙකුත් දේපල හා සම්බන්ධයෙන් විමර්ශන 08 ක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙනවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රතු වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 28 දෙනෙකු දිවයිනට රැගෙන ඒමට හැකිවුණා. එමෙන්ම රතු නිවේදන නොමැති සැකකරුවන් 38 දෙනෙකුද දිවයිනට රැගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි විය.

2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු මේ දක්වා ජාත්‍යන්තර පොලීසිය හරහා සැකකරුවන් රැගෙන ඒමට අවශ්‍ය රතු නිවේදන 110ක් නිකුත් කිරීමට ක්‍රියා කර තිබේ..

මේ අනුව මෙරට පොලීසිය මගින් නිකුත් කර ඇති සමස්ත රතු නිවේදන සංඛ්‍යාව 2026ක්. සැකකරුවන් 35 දෙනෙකු සැගව සිටින රටවල් පිළිබද තොරතුරුද දැනටමත් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිව තිබේ.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලිය යන රටවල රැදී සිටියි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ හා අපරාධවල ප්‍රධානම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරමින් අපරාධවලින් තොර රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම සදහා රජය ගෙන යන මෙම වැඩපිළිවෙලට ජාත්‍යන්තරයෙන්ද උපරිම සහාය ලැබෙමින් පවතියි.

සමස්ත සමාජයම වෙලාගත් මත්කුඩුවලින් රට බේරාගැනීම සදහා ඒවායෙහි ප්‍රධාන අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම අත්‍යවශ්‍යම සාධකයක්.

මත්කුඩු ජාවාරම්කරුවන් හා දේශපාලනය අතර තිබූ සබැදියාව බිදදැමීම හේතුවෙන් මෙසේ වැටලීම් සිදු කිරීමටත් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් හැකි වී තිබෙනවා.

එසේ ප්‍රධාන මත්ද්‍රව්‍ය සැපයුම් විනාශ කිරීමෙන් හා ප්‍රධාන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ජනතාව අපේක්ෂා කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කඩිනමින් උදාකර ගත හැකි වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *