මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූවන්ට ජනාධිපති සමාව දීමට විධිමත් ක්‍රමවේදයක්: කමිටු වාර්තාව කැබිනෙට්ටුවට

0
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්

ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ සදහා පත් කළ කමිටුවේ වාර්තාව, කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, බන්ධනාගාර නිලධාරීන්, කමිටු සාමාජිකයින් ඇතුලු සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවති සාකච්ඡාවකදීයි.

ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම නියමව සිටින සිරකරුවන්ගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන්ට නිවාස නිවාඩු ලබාදීම, අදාළ කමිටුවේ ප්‍රධාන නිර්දේශ අතරට ඇතුළත් වේ.

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් අදාළ කමිටුව පත් කෙරුණි.

ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන්.

කමිටුව, මාස දහයක් පුරා කරන ලද අධ්‍යනයකින් අනතුරුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com