කළමනාකරණ සේවා නිලධාරීන්ගේ 2027 වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් කැඳවයි

0
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 2027 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, අදාළ ස්ථාන මාරු 2027 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2026 මගින් දැනුම් දී ඇත.

ප්‍රියමනාප සේවා ස්ථානයක වසර 05ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් අනිවාර්ය ස්ථාන මාරුවකට යටත් වන අතර, වෙනත් සේවා ස්ථානයක වසර 02ක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරීන්ටද ස්ථාන මාරු සඳහා සුදුසුකම් හිමි වේ.

2027 වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා misco.pubad.gov.lk/misco වෙබ් අඩවිය භාවිත කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ.

නිලධාරීන්ගේ මූලික තොරතුරු සහ පෙර සේවා ස්ථාන පිළිබඳ තොරතුරුද නිවැරදිව යාවත්කාලීන කළ යුතුය.

චක්‍රලේඛයට අනුව, 2026 අගෝස්තු 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ අසමත්‍ය ස්ථාන මාරු සඳහා ඉල්ලුම්පත් භාර නොගන්නා ලෙසද දැනුම් දී තිබේ.

වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අභියාචනා නියමිත කාලසීමාව තුළ ඉදිරිපත් කළ යුතු අතර, ස්ථාන මාරු නියෝගයට එරෙහි අභියාචනය එම නියෝගය නිලධාරියා වෙත ලබාදුන් දින සිට දින 14ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවද චක්‍රලේඛයේ සඳහන් වේ.

ඒ අනුව, 2027 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදය යටතේ අදාළ නිලධාරීන්ගේ සේවා කාලය, සේවා ස්ථානය සහ ස්ථාන මාරු ඉල්ලීම් ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com