​ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට පියවර

0
සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වෙයි

සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වෙයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවාවන් වඩාත් කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ ජනතාවට සමීප කිරීමේ අරමුණින් සමස්ත මෙහෙයුම් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

නවීන තොරතුරු තාක්ෂණික විසඳුම් භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම නව පද්ධතිය හරහා ආයතනික ක්‍රියාවලීන් යාවත්කාලීන වන අතර, මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට වඩාත් පහසුවෙන් හා කඩිනමින් සේවාවන් ලබාගැනීමේ අවස්ථා හිමිවනවා.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන යටතේ බලපත්‍ර නිකුත් කිරීම, අලුත් කිරීම, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සහ තොරතුරු කළමනාකරණය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සැලසෙනවා.

එමෙන්ම, විද්‍යුත් පද්ධති හරහා දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබීම නිසා රාජ්‍ය ආදායම් කාන්දුවීම් වළක්වා ගැනීමටත්, දෙපාර්තමේන්තු මෙහෙයුම්වල විනිවිදභාවය තහවුරු කිරීමටත් හැකියි.

මෙම ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් තාක්ෂණික යාවත්කාලීන කිරීමක් පමණක් නොව රාජ්‍ය සේවයේ විශ්වසනීයත්වය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමට තැබූ තීරණාත්මක පියවරක්.

නව පද්ධතිය හරහා සේවාලාභීන්ට වඩාත් කඩිනම් සේවාවක් සැපයීමටත්, රාජ්‍ය ආදායම් උපරිම මට්ටමකින් සුරක්ෂිත කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed