ලක්ෂ 8ක පාසල් පෙළපොත් අස්ථානගත වීමේ සිද්ධිය: දෙපාර්තමේන්තු පරීක්ෂණ කමිටුවක් පත්කෙරේ

0
පාසල් පෙළපොත් තොගයක් අස්ථානගත වූ සිදුවීමේ ඉදිරි විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

පාසල් පෙළපොත් තොගයක් අස්ථානගත වූ සිදුවීමේ ඉදිරි විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

පාසල් පෙළපොත් තොගයක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා දෙපාර්තමේන්තු පරීක්ෂණ කමිටුවක් පත්කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පොලීසිය මගින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.

පෙළ පොත් තොගය, ප්‍රවාහනයට භාරදීමෙන් පසු පළමු සැකකරු විසින් ඒවා, අලව්ව ප්‍රදේශයේ ස්ථානයකට අලෙවි කර ඇති අතර, එහි හිමිකරු එම තොගය, නාරම්මල ප්‍රදේශයේ මධ්‍යස්ථානයකට අලෙවි කර තිබේ.

අනතුරුව එහි සිට වත්තල ප්‍රදේශයට එම පෙළ පොත් තොගය රැගෙනවිත් ඇති බව විමර්ශන වලදී හෙළි වූ බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය මැයි 24 වැනිදා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් එම පෙළ පොත් තොගය නැගෙනහිර පළාතේ පාසල්වලට බෙදීම සඳහා භාරදී තිබේ.

එලෙස ප්‍රවාහනයට භාරදී ඇත්තේ, රුපියල් ලක්ෂ 8කට අධික වටිනාකමකින් යුත් පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළ දෙමළ භාෂා ක්‍රියාකාරකම් සහ පෙළ පොත් තොගයකි.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com