මෙරට සමස්ත ඩෙංගු රෝගීන් ගණන 92,000 පනී: මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
ඩෙංගු රෝගීන් 92,254ක් දක්වා ඉහළට
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගත වූ දින 16 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6,914 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, සමස්ත රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වන 21.32%ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මේ අතර, මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.
