ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ඉතිහාසගත වාර්තාවක්: මුල් මාස 6ට මිලියන 300ක ශුද්ධ ලාභයක්

0
මුල් මාස 06ට ජාතික පශු සම්පත් මණ්ඩලයට රු.මි 300ක ශුද්ධ ලාභයක්

මුල් මාස 06ට ජාතික පශු සම්පත් මණ්ඩලයට රු.මි 300ක ශුද්ධ ලාභයක්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මෙම වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයා තිබේ.

ඉතිහාසය අලුත් කරමින් මාස 06ක් තුළ මෙවැනි වාර්තාගත ඉලක්කයක් සපුරාගැනීමට හැකි වීම විශේෂත්වයක්. මූල්‍ය ලාභය මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජාතියක් වෙනුවෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ක්‍රියා කරයි.

ආයතනයේ සියලු දෙනාගේ කැපවීමෙන් හා නිවැරදි නායකත්වය යටතේ ලාභය දිනෙන් දින ඉහළ යමින් පවතියි.
එමෙන්ම ආයතනික මූල්‍ය පාලනයද ශක්තිමත් කර තිබේ.

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තෘණ හා බඩඉරිගු වගාව ව්‍යාප්ත කිරීම, ඌණ උපයෝජිත සම්පත්වලින් ආදායම් ලබාගැනීම, නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීම මෙන්ම නව ව්‍යාපෘති ක්‍රියාත්ම කිරීම මෙසේ ලාබ ලැබීමට හේතු වී තිබෙනවා.

මෙම ලාභය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇත්තේ අභිජනන කුකුළු ගොවිපොළ තුළිනුයි.

කරදගොල්ල, මිරිස්වත්ත සහ මාවත්ත යන බොයිලර් කුකුළු අභිජනන ගොවිපල කිහිපය මේ අතරින්ද විශේෂ වේ.

මේ අතර කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගිය අවස්ථාවේ වෙළෙඳපොළ තුළ මිල ස්ථාවර කිරීමටත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටත් මණ්ඩලය සුවිශේෂී දායකත්වයක් ලබා දි තිබේ.

1973 වසරේ ආරම්භ කළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ වන විට ගොවිපල 30කින් පුහුණු මධ්‍යස්ථානයකින් සහ කිරි ව්‍යාපෘතියක් සහිත ඒකක 32 කින් සමන්විත වේ.

දැනටමත් මණ්ඩලය සතු ගොවිපොල රැසක් මෙසේ පහසුකම් සහිතව සංවර්ධනය කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com