​රුපියල් මිලියන 835ක වියදමින් ඉදිකළ කෑගල්ල නව ශ්‍රී ලංගම ඩිපෝ සංකීර්ණය ජනතා අයිතියට

0
රු.මි 835ක වියදමින් ඉදිකළ කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය ජනතා අයිතියට

රු.මි 835ක වියදමින් ඉදිකළ කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය ජනතා අයිතියට

මෙරට විධිමත් හා කාර්යක්ෂම ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැංවීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති මාලාව යටතේ ඉදිකළ කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණා.

රුපියල් මිලියන 835ක වියදමින් ඉදිකර ඇති මෙම නව ඩිපෝ සංකීර්ණය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලය (සබරගමුව), ශ්‍රී ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාලය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කෑගල්ල ශාඛාව ඇතුළු ආයතනික හා පරිපාලන පහසුකම් රැසකින් සමන්විත වේ.

එමෙන්ම ශ්‍රවණාගාරයක්, ධාවන අංශයක්, නවීන පහසුකම් සහිත සේවක විවේකාගාරයක්, ගිණුම් කාර්යාලයක් ඇතුළු පරිපාලන සංකීර්ණයක්ද ඩිපෝවට ඇතුළත් වේ.

වැඩි සේවක පිරිසකට පහසුකම් සැලසෙන පරිදි ඉදිකළ ඉඩකඩ සහිත ආපන ශාලාවක් මෙන්ම බස් රථ වැඩි සංඛ්‍යාවක් ගාල් කළ හැකි සුවිශාල රථගාලක්ද නව ඩිපෝ සංකීර්ණයේ ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංගම බස් රථ සඳහා ඉන්ධන සැපයීම වෙනුවෙන් ඉන්ධන පිරවුම්හලක්ද මෙහි ස්ථාපිත කර ඇති අතර, නවීන පහසුකම් සහ උපකරණවලින් සමන්විත බස් රථ අලුත්වැඩියා කිරීමේ කාර්මික අංගනයක්ද ඩිපෝ සංකීර්ණයට ඇතුළත්.

මෙම නව පහසුකම් හරහා කෑගල්ල ප්‍රදේශයේ බස් රථ සේවා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මෙන්ම මගී ජනතාවට වඩාත් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *