​ඉන්දියාවේ “කූෂා” ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය පළමු වරට අත්හදා බලයි

0
ඉන්දි­යාව නව ගුවන් ආර­ක්ෂක මිස­යිල පද්ධ­ති­යක් අත්හදා බලයි

ඉන්දි­යාව නව ගුවන් ආර­ක්ෂක මිස­යිල පද්ධ­ති­යක් අත්හදා බලයි

වසර 2035 වන විට බැලැ­ස්ටික් මිස­යිල, ප්‍රහා­රක ගුව­න්යානා, ඩ්‍රෝන යානා සහ වෙනත් තර්ජ­න­ව­ලට එරෙ­හිව ජාතික ආර­ක්ෂක පද්ධ­ති­යක් ගොඩනැඟීම අර­මුණු කර­මින් ඉන්දි­යාව පළ­මු­ව­රට කූෂා නමින් ගුවන් ආර­ක්ෂක මිස­යිල පද්ධ­ති­යක් අත්හදා බලා ඇතැයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.

ඉන්දි­යා­වට දේශීය ගුවන් ආර­ක්ෂක ජාලය ශක්ති­මත් කිරී­මට සහ අනා­ගත යුද­මය අභි­යෝ­ග­ව­ලට මුහුණ දීමට එම මිස­යිල පද්ධ­තිය වැද­ගත් සංධි­ස්ථා­න­යක් වනු ඇතැයිද අනා­වැකි පළ වී තිබේ. ඉන්දි­යාවේ ආර­ක්ෂක පර්යේ­ෂණ සහ සංව­ර්ධන සංවි­ධා­නය විසින් නිප­ද­වනු ලැබූ කූෂා ගුවන් ආර­ක්ෂක මිස­යිල පද්ධ­තිය අග­මැති නරේන්ද්‍ර මෝදිගේ ‘සුද­ර්ශන චක්‍ර‘ මෙහෙ­යුමේ ප්‍රධාන අංග­යක් වනු ඇතැයි එම සංවි­ධා­නයේ අපේ­ක්ෂාව වී තිබේ.

පසු­ගි­යදා සිදු කර ඇති කුෂා ගුවන් ආර­ක්ෂක මිස­යිල පද්ධ­තියේ අත්හදා බැලීම් සාර්ථක සිදුවූ බවට ආර­ක්ෂක පර්යේ­ෂණ සහ සංව­ර්ධන සංවි­ධා­නය ප්‍රකාශ කර ඇති අතර, එම­ඟින් රුසි­යාවේ එස්-400 වැනි ආන­ය­නික මිස­යිල පද්ධති මත ඉන්දි­යාව තව­දු­ර­ටත් රැඳී නොසි­ටිනු ඇතැයි වාර්තා වේ.

යුක්රේන යුද අර්බු­දය හේතු­වෙන් රුසි­යා­වට මතුවී ඇති යුද­මය අව­ශ්‍යතා මත එම මිස­යිල ඉන්දි­යා­වට ලබා­දීම මෙතෙක් ප්‍රමාද වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ඩ්‍රෝන හා මිස­යිල ව්‍යාප්ති­යත් සමඟ පස්වැනි පර­ම්ප­රාවේ ප්‍රහා­රක ගුවන් යානා නිෂ්පා­ද­න­යත් ඉහළ ගොස් ඇති බැවින් ඉන්දි­යා­වට ස්වකීය ගුවන් ආර­ක්ෂක මිස­යිල පද්ධ­ති­යක් පවත්වා ගැනීම අති­ශය වැද­ගත් වී ඇති අතර, නව මිස­යිල ආර­ක්ෂක පද්ධ­තිය වසර 2028 සහ 2030 අතර කාල­යේදී අදි­යර කිහි­ප­ය­කින් ජාතික ආර­ක්ෂක ජාල­යට එක් කිරි­මට නිය­මිත බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *