වව්නියාවේ සූර්ය බලශක්ති අතිරික්තය ගබඩා කිරීමට මෙගාවොට් 10ක බැටරි පද්ධතියක් ස්ථාපිත කෙරේ

0
මෙගාවොට් 10ක් ගබඩා කළ හැකි බැටරි පද්ධතියක් වව්නියාවේ ස්ථාපිත කෙරේ

මෙගාවොට් 10ක් ගබඩා කළ හැකි බැටරි පද්ධතියක් වව්නියාවේ ස්ථාපිත කෙරේ

මෙගාවොට් 10ක් ගබඩා කළ හැකි බැටරි පද්ධතියක් වව්නියාවේ ස්ථාපිත කර තිබේ.

වව්නියාව කළුවරපුලියන්කුලම ප්‍රදේශයේ සූර්ය පැනල විදුලි බලාගාරයක් ස්ථාපනය කර තිබෙනවා. එමගින් අතිරික්ත වශයෙන් විදුලිය ජනනය වන අවස්ථාවල දී එම බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුවුණා. ඒ එම අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමේ දී සිදුවන කාර්මික ගැටලු හේතුවෙනුයි. ඊට පිළියමක් ලෙසයි අතිරික්ත විදුලිය ගබඩා කිරීම සඳහා බැටරි පද්ධතියක් සවි කෙරෙන්නේ.

මෙගාවොට් 10ක ධාරිතාවක් එහි ගබඩා කළ හැකි බැවින් ප්‍රදේශයට අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට හැකිවනු ඇත.

මේ අතර තිරප්පනේ ප්‍රදේශයේ ගම්මාන 5ක පවුල් 1,300ක හාරදහසකට අධික පිරිසකට පානීය ජලය සැපයීමේ අරමුණෙන් යුද හමුදාව ඉදිකළ නව ජල පිරිපහදු පද්ධතිය ඊයේ(09) විවෘත කෙරුණා.

ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 26.5ක්.

ඇමෙරිකාවේ පරිත්‍යාගශීලීන් පිරිසක් මූල්‍ය අනුග්‍රහය සැපයූ අතර යුද හමුදා රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙනුයි එය ඉදිකෙරුණේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com