පිල්ලෙයාන් අගෝස්තු 18 දක්වා යළි රිමාන්ඩ්

0
පිල්ලෙයාන් අගෝස්තු 18 දක්වා යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් අගෝස්තු 18 දක්වා යළි රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඒ. දර්ශිනි ඉදිරියේ දී අද (04) මෙම නඩු විභාගය පවත්වා ඇති අතර එහිදී ඔහුව වීඩියෝ මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

2008 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිදු වූ මිනීමැරුම් 5ක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ අනෙකුත් සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවක් ගොනු කර තිබුණි.

එහිදී ඔහුව නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති අතර කල්ලඩි ප්‍රදේශයේ මිනීමැරුම් පහක් සහ ඉඩම් ආරවුලකට අදාළ චෝදනා තුනක් ඔහුට එරෙහිව එල්ල වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com