​පළාත් සභා මැතිවරණය, ඉඩම් ගැටලු සහ නව ව්‍යවස්ථාව ගැන ජනාධිපති සහ සුළුතර පක්ෂ අතර සාකච්ඡා

0
දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ හා ජනපති අතර හමුවක්

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ හා ජනපති අතර හමුවක්

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ එම කාර්යය හදිසියේ කළ හැක්කක් නොවන බවත්, විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විමසුමක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවත්ය.

එය 1972 සහ 1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙන් එක් පාර්ශ්වයක් විසින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com